Skip to main content

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

 

සෞර ග්‍රහ මණ්ඩලයට සමාන ග්‍රහලෝක රැසක පද්ධතියක්

Nasa
ඡායාරූප ශීර්ෂ වැකිය,

කෙප්ලර් - 90 (Kepler-90) අපගේ සෞර ග්‍රහ මණ්ඩලයට වඩාත් සමාන ග්‍රහ පද්ධතියකි (මෙම පින්තුරය නිර්මාණයක් බව සළකන්න)

අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහ පද්ධතියක මේ දක්වා සොයා ගන්නා ලද විශාලතම ග්‍රහ ලෝක ප්‍රමාණය මෙය වේ.

කෙප්ලර් - 90 (Kepler-90) ලෙස හැඳින්වෙන එම තරුව සූර්යයාට වඩා උෂ්ණත්වයෙන් වැඩි අතරම ඒ වටා ග්‍රහ ලෝක හතක ඇති බව තාරකා විද්‍යාඥයින් විසින් හඳුනාගනු ලැබ තිබිණි.

අලුතෙන් එහි සොයා ගන්නා ලද ග්‍රහ ලොව සමග "අපේ සෞර ග්‍රහ මණ්ඩලය වගේම ග්‍රහ ලෝක ප්‍රමාණයක් දරා සිටින පළමු තරුව බවට කෙප්ලර් - 90 පත්වෙනවා" යැයි මේ සොයා ගැනීම සඳහා දායක වූ ගූග්ල් සමාගමේ මෘදුකාංග ඉංජිනේරු ක්‍රිස්ටෝෆර් ෂැලූ පැවසීය.

මීට පෙර කරන ලද සෙවීම්වලින් මගහැරී ගිය ග්‍රහලෝක සොයා ගැනීම සඳහා ගූගල් සමාගමේ ඉංජිනේරුවෝ කෘතීම බුද්ධිය සහිත ක්‍රමවේදයක් භාවිත කරති.

මේ සොයා ගැනීමට පදනම් වුයේ නාසා යැවූ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් රැස්කරගන්නා ලද නිරීක්ෂණය.

එහි මව් තරුව ආලෝක වර්ෂ 2,545 ක් තරම් දුරක පිහිටියත් එහි ග්‍රහ මණ්ඩල පද්ධතිය අපේ සෞර ග්‍රහ මණ්ඩලය පවතින ආකාරයට බොහෝ සමානය.

nasa
ඡායාරූප ශීර්ෂ වැකිය,

කෙප්ලර් - 90 (Kepler-90) සහ අපගේ සෞර ග්‍රහ මණ්ඩලය අතර පවතින සමානකම්

"කෙප්ලර් - 90 පද්ධතිය අපේ සෞර ග්‍රහ මණ්ඩලයේම කුඩා එකක් වගේ. අභ්‍යන්තරයට වෙන්න කුඩා ග්‍රහ ලෝකත්, පිටට වෙන්න විශාල ග්‍රහ ලෝකත් පිහිටා තිබෙනවා. නමුත් මේ සියල්ල එකට ලංවී තිබෙන්නේ" යැයි මේ වැඩපිළිවෙලේ සම සෙවුම්කරුවකු වන ඔස්ටින් හි ටෙක්සස් සරසවියේ ඇන්ඩෲ වැන්ඩර්බර්ග් පැවසීය.

කෙතරම් සමීපව තිබෙන්නේ ද යන්න පිළිබඳ අදහසක් දෙතොත්, එහි ඈතින් ම පිහිටි ග්‍රහ ලෝකය භ්‍රමණයවන්නේ, පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වන දුරට සමාන දුරකිනි.

Nasa
ඡායාරූප ශීර්ෂ වැකිය,

කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් අලුත් ලෝකයන් සොයා යෑම (මෙම පින්තුරය නිර්මාණයක් බව සළකන්න)

කෙප්ලර් 90 - අයි ලෙස නම් කර ඇති අලුතින් ම සොයාගන්නා ලද ග්‍රහ ලොව අභ්‍යන්තරයේ පිහිටා තිබෙන අතර සිය තරුව වටා එක් ගමන් වටයක් සම්පුර්ණ කිරීමට ඊට දින 14.4ක් ගත වේ. එහි පෘෂ්ඨයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 425ක් වනු ඇති බව ඇස්තමේන්තු කර ඇත.

ගූගල් සමාගම භාවිත කරන machine learning (මැෂින් ලර්නිං) නම් වූ තාක්ෂණය ම, වෙනත් තරුවක් වටා භ්‍රමණය වන කෙප්ලර් 80 ජී (Kepler 80g) නම්වූ පෘථිවියේ ප්‍රමාණයට සමාන ග්‍රහ ලොව සොයා ගැනීම සඳහා භාවිත කෙරිණි.

මෑත දශක කිහිපය තුළ දී තරු වටා භ්‍රමණය වන ලෝක 3,500ක් පමණ සොයාගෙන ඇත.

Comments

Popular posts from this blog

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

ආලෝක වර්ෂය යනු කුමක්ද? [LIGHT YEAR]

                 ආලෝක වර්ෂය යනු තාරකා විද්‍යාත්මක දුරස්ථභාවය ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කරන දිග ඒකකයකි. එය කිලෝමීටර් ට්‍රිලියන 9.46 (කි.මී. 9.46 × 1012) හෝ සැතපුම් ට්‍රිලියන 5.88 (සැතපුම් 5.88 × 1012) ට සමාන වේ. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් අර්ථ දක්වා ඇති පරිදි (IAU), ආලෝක වර්ෂයක් යනු එක් ජූලියන් වර්ෂයක (දින 365.25) රික්තයේ ආලෝකය ගමන් කරන දුර ප්‍රමාණයයි. එයට "වර්ෂය" යන වචනය ඇතුළත් වන හෙයින්, ආලෝක වර්ෂය යන යෙදුම කාල ඒකකයක් ලෙස වැරදි ලෙස අර්ථ දැක්විය හැකිය. ආලෝක වර්ෂය බොහෝ විට භාවිතා කරනුයේ මන්දාකිණි පරිමාණයෙන් තාරකා සහ අනෙකුත් දුර ප්‍රමාණයන් ප්‍රකාශ කිරීමේදී, විශේෂයෙන් නොවන සන්දර්භවල සහ ජනප්‍රිය විද්‍යා ප්‍රකාශනවල ය. වෘත්තීය තාරකා විද්‍යාවේ බහුලව භාවිතා වන ඒකකය තාරකා විද්‍යාවෙන් උපුටා ගත් පාර්සෙක් (සංකේතය: පීසී, ආලෝක අවුරුදු 3.26 ක් පමණ) වේ: එය එක් තාරකා විද්‍යාත්මක ඒකකයක් චාපයේ තත්පරයක කෝණයකට යටත් වන දුර වේ.

aurora [ධ්‍රැවීය විදුලි පහන්]

aurora[ ධ්‍රැවීය විදුලි පහන්]  අරෝරා , සමහර විට ධ්‍රැවීය විදුලි පහන්, උතුරු විදුලි පහන්  හෝ දකුණු විදුලි පහන්  ලෙස හැඳින්වේ. ඉහළ අක්ෂාංශ කලාපවල  දක්නට ලැබේ. අරෝරා යනු සූර්ය සුළඟ නිසා ඇතිවන චුම්බක ගෝලයේ ඇතිවන කැළඹීම්වල ප්‍රතිපලයකි. මෙම කැළඹීම් සමහර විට සූර්ය සුළඟ හා චුම්බක ගෝලාකාර ප්ලාස්මා යන දෙකෙහිම ආරෝපිත අංශුවල ගමන් පථ වෙනස් කිරීමට තරම් ශක්තිමත් වේ. මෙම අංශු, ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන ඉහළ වායුගෝලයට (තාපගෝලයට / බාහිර ගෝලයට) වේගයෙන් ගමන් කරයි. එහි ප්‍රතිපලයක් ලෙස වායුගෝලීය සංගටක අයනීකරණය හා උද්දීපනය විවිධ වර්ණ හා සංකීර්ණ ආලෝකයන් විමෝචනය කරයි. ධ්‍රැවීය කලාප දෙකම වටා ඇති පටි තුළ සිදුවන ආරෝරා වල ස්වරූපය ද අවක්ෂේපිත අංශුවලට ලබා දෙන ත්වරණය ප්‍රමාණය මත රඳා පවතී. වර්ෂාපතනය වන ප්‍රෝටෝන සාමාන්‍යයෙන් වායුගෝලයෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් පසුව සිදුවීම් හයිඩ්‍රජන් පරමාණු ලෙස දෘශ්‍ය විමෝචනය කරයි. ප්‍රෝටෝන ආරෝරා සාමාන්‍යයෙන් පහළ අක්ෂාංශ වලදී නිරීක්ෂණය කෙරේ.