Skip to main content

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

 

සෞර ග්‍රහ මණ්ඩලයට සමාන ග්‍රහලෝක රැසක පද්ධතියක්

Nasa
ඡායාරූප ශීර්ෂ වැකිය,

කෙප්ලර් - 90 (Kepler-90) අපගේ සෞර ග්‍රහ මණ්ඩලයට වඩාත් සමාන ග්‍රහ පද්ධතියකි (මෙම පින්තුරය නිර්මාණයක් බව සළකන්න)

අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහ පද්ධතියක මේ දක්වා සොයා ගන්නා ලද විශාලතම ග්‍රහ ලෝක ප්‍රමාණය මෙය වේ.

කෙප්ලර් - 90 (Kepler-90) ලෙස හැඳින්වෙන එම තරුව සූර්යයාට වඩා උෂ්ණත්වයෙන් වැඩි අතරම ඒ වටා ග්‍රහ ලෝක හතක ඇති බව තාරකා විද්‍යාඥයින් විසින් හඳුනාගනු ලැබ තිබිණි.

අලුතෙන් එහි සොයා ගන්නා ලද ග්‍රහ ලොව සමග "අපේ සෞර ග්‍රහ මණ්ඩලය වගේම ග්‍රහ ලෝක ප්‍රමාණයක් දරා සිටින පළමු තරුව බවට කෙප්ලර් - 90 පත්වෙනවා" යැයි මේ සොයා ගැනීම සඳහා දායක වූ ගූග්ල් සමාගමේ මෘදුකාංග ඉංජිනේරු ක්‍රිස්ටෝෆර් ෂැලූ පැවසීය.

මීට පෙර කරන ලද සෙවීම්වලින් මගහැරී ගිය ග්‍රහලෝක සොයා ගැනීම සඳහා ගූගල් සමාගමේ ඉංජිනේරුවෝ කෘතීම බුද්ධිය සහිත ක්‍රමවේදයක් භාවිත කරති.

මේ සොයා ගැනීමට පදනම් වුයේ නාසා යැවූ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් රැස්කරගන්නා ලද නිරීක්ෂණය.

එහි මව් තරුව ආලෝක වර්ෂ 2,545 ක් තරම් දුරක පිහිටියත් එහි ග්‍රහ මණ්ඩල පද්ධතිය අපේ සෞර ග්‍රහ මණ්ඩලය පවතින ආකාරයට බොහෝ සමානය.

nasa
ඡායාරූප ශීර්ෂ වැකිය,

කෙප්ලර් - 90 (Kepler-90) සහ අපගේ සෞර ග්‍රහ මණ්ඩලය අතර පවතින සමානකම්

"කෙප්ලර් - 90 පද්ධතිය අපේ සෞර ග්‍රහ මණ්ඩලයේම කුඩා එකක් වගේ. අභ්‍යන්තරයට වෙන්න කුඩා ග්‍රහ ලෝකත්, පිටට වෙන්න විශාල ග්‍රහ ලෝකත් පිහිටා තිබෙනවා. නමුත් මේ සියල්ල එකට ලංවී තිබෙන්නේ" යැයි මේ වැඩපිළිවෙලේ සම සෙවුම්කරුවකු වන ඔස්ටින් හි ටෙක්සස් සරසවියේ ඇන්ඩෲ වැන්ඩර්බර්ග් පැවසීය.

කෙතරම් සමීපව තිබෙන්නේ ද යන්න පිළිබඳ අදහසක් දෙතොත්, එහි ඈතින් ම පිහිටි ග්‍රහ ලෝකය භ්‍රමණයවන්නේ, පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වන දුරට සමාන දුරකිනි.

Nasa
ඡායාරූප ශීර්ෂ වැකිය,

කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් අලුත් ලෝකයන් සොයා යෑම (මෙම පින්තුරය නිර්මාණයක් බව සළකන්න)

කෙප්ලර් 90 - අයි ලෙස නම් කර ඇති අලුතින් ම සොයාගන්නා ලද ග්‍රහ ලොව අභ්‍යන්තරයේ පිහිටා තිබෙන අතර සිය තරුව වටා එක් ගමන් වටයක් සම්පුර්ණ කිරීමට ඊට දින 14.4ක් ගත වේ. එහි පෘෂ්ඨයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 425ක් වනු ඇති බව ඇස්තමේන්තු කර ඇත.

ගූගල් සමාගම භාවිත කරන machine learning (මැෂින් ලර්නිං) නම් වූ තාක්ෂණය ම, වෙනත් තරුවක් වටා භ්‍රමණය වන කෙප්ලර් 80 ජී (Kepler 80g) නම්වූ පෘථිවියේ ප්‍රමාණයට සමාන ග්‍රහ ලොව සොයා ගැනීම සඳහා භාවිත කෙරිණි.

මෑත දශක කිහිපය තුළ දී තරු වටා භ්‍රමණය වන ලෝක 3,500ක් පමණ සොයාගෙන ඇත.

Comments

Popular posts from this blog

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

ලෝකයේ ඇති අභිරහස්ම දූපත්

  13. Palmyra Atoll (පැල්මයිරා දුපත්)   මෙම හස්තය හවායි දූපත් වලට දකුණින් පිහිටා ඇති අතර එය ඇමරිකාවට අයත් වේ. “මේ ස්ථානය භූතයන්ගෙන් පිරී තිබේ” කියා ඔවුහු පවසති. සියවස් ගණනාවක් පුරා දූපත කුප්‍රකට වූයේ එහි වෙරළ ආසන්නයේ ඇති බොහෝ නැව් සුන්බුන් නිසාය. එක් අනතුරකින් මියගිය නැවියන්ගේ ආත්මයට ශාප කරන ලද සැඟවුණු නිධානයක් පිළිබඳ ඕපාදූප රාශියක් ආරම්භ විය. නැව් සුන්බුන් වලට අමතරව, මෙම ස්ථානය නැතිවූ නැව් සඳහා ප්‍රසිද්ධය. 1855 දී ගල්පරයක් සමඟ යාත්‍රාවක් ගැටී ඇති බව වාර්තා වන නමුත් බේරාගත් අය එම ස්ථානයට ළඟා වූ විට නැව සහ නැවියන් යන දෙකම සොයා ගැනීමට නොහැකි විය. දෙවන ලෝක යුද්ධ සමයේදී මෙම දූපත පාලමක් ලෙස භාවිතා කරන ලදී. එහි සේවය කරන සොල්දාදුවන් නොදන්නා සම්භවයක් ඇති බවට භීතියට පත්ව ඇති අතර ඔවුන්ගෙන් සමහරක් සියදිවි නසා ගත්හ. 12. Snake Island බ්‍රසීලයට නුදුරින් පිහිටි මෙම ආකර්ශනීය දූපතේ සර්පයන් විශාල ප්‍රමාණයක් සිටින අතර ඔවුන් හැර වෙනත් කිසිවක් නොමැති අතර සමහර දුර්ලභ පක්ෂීන් එම ප්‍රදේශයේ වාසය කරයි. දිවයිනේ වාසය කරන සර්ප විශේෂ ලෝකයේ වඩාත්ම විෂ සහිත යැයි නිල වශයෙන් වර්ගීකරණය කර ඇත; එක් කටගැස්මකින් පස...

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (International Space Station /ISS)

 අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය   ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ආයතන පහක හවුල් ව්‍යාපෘතියකි; ඒ නාසා ආයතනය, රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය, Japan Aerospace Exploration Agency, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය යන ආයතන පහයි කක්ෂ උස :  408 km කක්ෂය මත වේගය :  7.66 km/s දියත් කරන දිනය :  1998 නොවැම්බර් 20 දිග :  මි. 73.0 (අඩි 239.4) නිෂ්පාදකයන් :  නාසා ,  තවත්