Skip to main content

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

SOUTH ASIA

 

දකුණු ආසියාව

විකිපීඩියා වෙතින්
(South Asia වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigationJump to search
දකුණු ආසියාව
දකුණු ආසියාවේ පිහිටුම
රටවල්
භූමි බල ප්‍රදේශ0, 1, හෝ 2 (පෙළ බලන්න)
දදේනි (නාමික)$1.854 ට්‍රිලියන (2009)
දදේනි ඒක පුද්ගල (නාමික)$1,079 (2009)
භාෂාවන්අසාමීස/අසොමියාබලුකිබෙංගාලිබෝදෝබුරුමඩාරි,[1] දිවෙහිඩෝග්රිසොන්කාඉංග්‍රීසිගුජරාටිහින්දිහින්ඩ්කොකන්නඩාකාෂ්මිරකොංකනීමයිතිලිමලයාලම්මරාටිමනිපුරිනේපාලඔරියාපහාරිපෂ්ටොපංජාබිසංස්කෘතසන්තාලිසින්දිසිංහලසරායිකිදෙමළතෙලුගූටිබෙටියානුඋර්දූ, සහ අනෙකුන්
වේලා කලාපUTC +6:30 (බුරුමය) සිට UTC +3:30 (ඉරානය)
විශාලතම නගරඅහමදාබාද්අම්රිට්සර්බැංගලෝරයචිටගොංචෙන්නයිකොචින්කොළඹදිල්ලියඩැකාෆයිසලාබාද්හයිද්‍රබාද්හයිද්‍රබාද්ඉස්ලමබාද්ජායිපූර්කන්පූර්කරච්චියකත්මන්දූකොල්කටාකොලිකොර්ලාහෝරයලාසාලක්නව්මාලේමුම්බායිපට්නාපේෂවාර්පූනේකුවේටාරාවල්පින්ඩිසක්කර්සූරත්තිම්පුතිරුවානතපුරම්විශාකපට්නම් සහ යැංගුං


දකුණු ආසියාව හෝ දක්ෂිණ ආසියාව යනු ඉන්දීය උප මහාද්වීපය ආශ්‍රිත රටවල් පොදුවේ හැඳින්වීමට යෙදෙන වදනකි. එය සමන්විත වන්නේ උප-හිමාලයානු රටවල් සහ, සමහරක් අධිකාරීන් අරභයා, අසබඩ බටහිරින් හා නැගෙනහිරින් පිහිටි රටවල් වලින්ද වෙති. භූලක්ෂණාත්මකව, එහි බහුතරයක්, හිමාලය සහ හින්දු කුෂ් කඳු වෙතට දකුණෙන් ඉන්දියානු අර්ධද්වීපය ලෙසින් මුහුදු මට්ටමෙහි සිට ඉහළට පැන නගින ඉන්දියානු තලය වෙතින් සමන්විත වෙයි. දකුණු ආසියාව දකුණු දිශාවෙන් ඉන්දීය සාගරයෙන් සීමා වන අතර භූමිය ඇති දිශාවෙන් ( බටහිර සිට දක්ෂිණාවර්තව) බටහිර ආසියාවෙන්මධ්‍යම ආසියාවෙන්නැගෙනහිර ආසියාවෙන්, සහ අග්නිදිග ආසියාවෙන් මායිම්වී ඇත.

ප්‍රදේශයට අයත්වන්නේ කුමන රටවල්ද යන්න පිළිබඳව විවිධවූ මූලාශ්‍ර විවිධ ප්‍රකාශ නිකුත් කර සිටිති. නිදසුනක් ලෙසින්, එක්සත් ජාතීන්ගේ භූවිද්‍යාත්මක ප්‍රදේශ වර්ගීකරණය අනුව,[2] දකුණු ආසියාව සමන්විත වන්නේ ඇෆ්ගනිස්තානයබංග්ලාදේශයභූතානයඉන්දියාවමාලදිවයින්නේපාලයපකිස්තානය, සහ ශ්‍රී ලංකාව යන රටවලිනි. කෙසේවෙතත්, එක්සත් ජාතීන් සටහන් කොට දක්වන්නේ "විශේෂිතවු කණ්ඩායම් වලට රටවල් හෝ ප්‍රදේශ හෝ පැවරීම හුදෙක් සංඛ්‍යානමය පහසුව සඳහාම වන අතර රටවල් හෝ භූමිප්‍රදේශයන් හෝ අතර දේශපාලනමය හෝ වෙනත් හෝ අනුබැඳියක් හුවා නොදක්වයි."[3]

ලොව ජනගහණයෙන් පහෙන් පංගුවකට පමණ නිවහන සපයන්නේ දකුණු ආසියාව වන අතර මෙය නිසාවෙන් එය ලොව වඩාත්ම ජනාකීර්ණ හා වඩාත්ම ගහන ලෙස ජනයා සහිත භූගෝලීය ප්‍රදේශය වෙයි.[4] දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය යනු කලාපයේ පවතින ආර්ථික සහයෝගිතා සංවිධානයකි.

අර්ථදැක්වීම්[සංස්කරණය]

දකුණු ආසියාවේ පොදු අර්ථ දැක්වීම.

එහි ගැබ සැදුනු රටවල් කිහිප ගණනක් පැවතුනද, විවිධ කට්ටලගත කිරීම් ඔස්සේ විවිධ රටවල් අන්තර්ගත වීමෙන් දකුණු ආසියාව තැනෙන අතර, කලාපය තුල පූර්ව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙහි කොටස් වූ,[5] ඉන්දියාව, පකිස්තානය, හා බංග්ලාදේශය යන රටවල වත්මන් භූමිප්‍රදේශ අනිවාර්යයෙන්ම මැදිය වශයෙන් පවතිමින් ශ්‍රී ලංකාව සහ බුරුමය යන රටවල්ද එයට සමන්විත වෙති. [6] ඒඩ්න් කොලනියබ්‍රිතාන්‍ය සෝමාලිලන්තය සහ සිංගප්පූරුව යන රටවල් විවිධ කාලයන්හිදී , රාජ් විසින් පරිපාලනය වුවද ඒවා දකුණු ආසියාවෙහි කිසියම් කොටස් විය යුතු යැයි යෝජනා වී නොමැත.[7]

රාජ් විසින් සෘජුව පාලනය නොකෙරුනු රක්ෂිත තුමාර රාජ්‍යයන් 562 ක්ද රාජ් හා සමන්විත වූයේ යැයි සැලකුණු අතර,[8] එයින් සමහරක් ඉන්දියානු ඒකාබද්ධ රාජ්‍යය වෙත සම්බන්ධවූ අතර තවත් සමහරක් පකිස්තානු ඩොමීනියන් රාජ්‍යය හා එක් වූහ.[9][10]

දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය (සාක්), යනු සංලග්න රටවල් කිහිපයක එකමුතුවක් වන අතර, ආරම්භයේදී රටවල් හතක් සමගින්— බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්තානය සහ ශ්‍රී ලංකාව —1985 දී පිහිටුවන ලද මෙය, අටවන සාමාජීකයා වශයෙන් ඇෆ්ගනිස්තානය ඇතුලත් කරගනු පරිදී 2006 දී සාමාජිකත්වය පුළුල් කරගති.

භූගෝලය[සංස්කරණය]

මෙයද බලන්න: ඉන්දියාවේ භූගෝලය පකිස්තානයේ භූගෝලය බංග්ලාදේශයේ භූගෝලය භූතානයේ භූගෝලය ශ්‍රී ලංකාවේ භූගෝලය නේපාලයේ භූගෝලය , සහ මාලදිවයිනේ භූගෝලය
[[ආසියාව සඳහා එක්සත් ජාතීන්ගේ භූපරික්‍රමය.[11]]]:
  දකුණු ආසියාව

ඉතිහාසය[සංස්කරණය]

කලාපීය සංස්කෘතික ප්‍රාන්තයන්හී හා ප්‍රදේශයන්හී ස්ථායිතාවය සහ ඓතිහාසික නිත්‍යවාසය විදහාදක්වන දකුණු ආසියාවේ සිතියම.

දකුණු ආසියාවේ මානව ශිෂ්ටාචාරය පැවති බවට හමුවන පැරණිතම ‍සාක්ෂිය හමුවි ඇත්තේ පාකිස්ථානයේ මෙර්ගා (ක්‍රි.පූ. 7000 සිට ක්‍රි.පූ. 3200 දක්වා) ප්‍රදේශයෙනි. මෙය පිහිටා ඇත්තේ බොලාන් කපොල්ලෙහි, ඉන්දු නදියේ බටහිර නිම්නය වන ක්වෙටා, කලාවි හා සිබ් නම් වර්තමාන පාකිස්ථානු නගර අතරයි. මෙර්ගා සොයා ගන්නා ලද්දේ 1974 දී ප්‍රංශ පුරාවිද්‍යාඥයෙකු වන ජෝන් ෆැන් ඔයිස් ජැරිග් විසින් මෙහෙයවන ලද පුරාවිද්‍යා කණ්ඩායමක් විසිනි. එම කැණිම් කටයුතු 1974 - 1986 දක්වා නොවනත්වා සිදුවිය.

මෙර්ගා නග‍රයේ පැරණිතම ජනාවාසය වන්නේ ඊසාන දිග කෙළවරෙහි පිහිටා ඇති අක්කර 495 ක විශාලත්වයකින් (වපසරිය වර්ග කි.මී. 2ක්) යුත් කුඩා ගොවි ගම්මානයකි. (ක්‍රි.පූ. 7000 සිට ක්‍රි.පූ. 5500 ) පැරණි මොර්ගා වැසියන් ගඩොල් වලින් තැනු නිවාසවල වාසය කර ඇත. ඔවුන් විසින් වගාකළ ධාන්‍ය, ධාන්‍යාගාර වල තැන්පත් කරන ලදී. දේශිය තඹ නිධි වලින් ඔවුන් විසින්ම ඔවුනට අවශ්‍ය ආයුධ නිපදවන ලදී. ඔවුන‍්ගේ විශාල පැසි බදුන් (ධාන්‍ය ගබඩා) බිටුමන් (තාර විශේෂයක් ) වලින් ආවරණය කරන ලදී. ඔවුන් බාර්ලි, එක්කණිකාව, එමර ධාන්‍ය, ජුජුබ්ස්, රට ඉදි වගා කළ අතර බැටළුවන්, එළුවන්හා කිරි ගවයින් පාලනය කරන ලදී. පසුකාලීන ජනයාට තම කර්මාන්ත සදහා වැඩි වෙහෙසක් යෙදීමට සිදුවිය. (ක්‍රි.ප්‍ර. 55000 සිට ක්‍රි. පූ. 2600 ) සේද විවීම, සම් පදම් කිරීම, පබළු නිෂ්පාදන ය හා ලෝහ කර්මාන්තය මෙම කර්මාන්ත වලට ඇතුලත් විය. මෙම පරිශ්‍රය ක්‍රි.පූ. 2600 දක්වා ජනවාස ලෙස පැවතී තිබේ.

වර්ෂ 2006 අප්‍රේල් හිදි 'නේචර්'විද්‍යාත්මක සඟරාවේ පළවූ අන්දමට ප්‍රාණවත් මනුෂ්‍යයින්ගේ දත් සිදුරු කිරීම පිළිබඳ පැරණිතම සාක්ෂිය මෙර්ගා වලින් හමුව තිබේ. පුරාවිද්‍යාඥ කැණිම් කටයුතුවලට (1974 දී ජරිග් එට් අල් විසින්) අනුව මෙර්ගා දකුණු ආසියාවේ පැරණිතම ගොවි ජනාවාසය බවට ෙහලිවී ඇත. එහි සාක්ෂිය ක්‍රි.පු. 7000 දක්වා දිව යයි. ‍එලෙසම දකුණු ආසියාවේ පැරණිතම මැටි කර්මාන්තය පවතින‍්නේද මෙහි බවට නම් කර ඇත. පුරාවිද්‍යාඥයින් මෙම ජනාවාස කාලය කොටස් කීපයකට බෙදා ඇත. කෙසේවුවත් මේර්ගා යනු ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පුරෝගාමී ප්‍රදේශයක් ලෙස පෙනීයයි.

සටහන් සහ ආශ්‍රිත[සංස්කරණය]

  1.  "ඇෆ්ගනිස්තාන්"ද වර්ල්ඩ් ෆැක්ට් බුක්මධ්‍යම තොරතුරු කාර්යාංශය. දෙසැම්බර 13, 2007. Check date values in: |date= (help)
  2.  "යුනයිටඩ් නේෂන්ස් ජියෝස්කීම්". Millenniumindicators.un.org. 2011-09-20. Retrieved 2012-08-25.
  3.  "ස්ටැන්ඩර්ඩ් කන්ට්‍රි ඕ ඒරියා කෝඩ්ස් ෆො ස්ටැටිස්ටිකල් යූස්". Millenniumindicators.un.org. Retrieved 2012-08-25.
  4.  [1][මළ බැඳිය]
  5.  බර්ට්‍රම් හියුස් ෆාමර්, ඇන් ඉන්ට්‍රඩක්ෂන් ටු සවුත් ඒෂීයා, පිටුව 1, රට්ලෙජ්, 1993, ISBN 0-415-05695-0
  6.  ආතර් බෙරිඩේල් කීත්, අ කන්ස්ටිට්‍යුෂනල් හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා: 1600-1935, පිටු 440-444, මෙතුවන් සහ සමාගම, 1936
  7.  එක්සත් ජාතීන්, ඉයර්බුක් ඔෆ් දි යුනයිටඩ් නේෂන්ස්, පිටු 297, මහජන තොරතුරු කාර්යාලය, 1947, එක්සත් ජාතීන්
  8.  එන්සයික්ලෝෆීඩියා බ්‍රිටැනිකා: අ නිව් සර්වේ ඔෆ් යුනිවර්සල් නොලේජ් (වෙළ්ම 4), පඅට 177, එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා සමාගම., 1947
  9.  ඉයන් කොප්ලන්ඩ්, ද ප්‍රින්සස් ඔෆ් ඉන්ඩියා ඉන් ද එන්ඩ්ගේම් ඔෆ් එම්පයර්: 1917-1947, පිටු 263, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 2002, ISBN 0-521-89436-0
  10.  බෙන් කාහූන්. "පාකිස්තාන් ප්‍රින්ස්ලි ස්ටේට්ස්". Worldstatesmen.org. Retrieved 2010-08-23.
  11.  "Standard Country or Area Codes for Statistical Use". Millenniumindicators.un.org. Retrieved 2012-08-25. Quote: "The assignment of countries or areas to specific groupings is for statistical convenience and does not imply any assumption regarding political or other affiliation of countries or territories by the United Nations."

Comments

Popular posts from this blog

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

Nano technology (නැනෝ තාක්ෂණය)

  නැනෝ තාක්ෂණය නැනෝ යනු, ග්‍රීක භාෂාවේ එන  වචනයකින් සම්භවය වූ ඉංග්‍රීසි භාෂාවෙන් dwarf (අගුටුමිටි) යන වචනයටයි අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක‍්‍රීඩා කරන පන්දුවක් සමඟ සසදා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 107 වාරයක් (10,000,0000) විශාලය. නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේය. නැනෝ තාක්ෂණයේ ආරම්භය වසර 50 කටත් වඩා පැරණි ඓතිහාසික සොයාගැනිම් වර්තමානයේදි අපි නැනෝ තාක්ෂණික නිමැවුම් ලෙස නම් කරනු ලබනවා. එනම් නැනෝ තාක්ෂණය ලෙස හඳුන්වා නොදුන්නත් එය අතීතයේ සිටම භාවිතයට ගෙන තිබෙනවා. 10 වන ශතවර්ෂයේ තරම් ඈත අතීතයේදීත් නැනෝ පරිමාණයේ රත්‍රං යොදාගෙන වර්ණ ගැන්වු වීදුරැ හා පිගන් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත සිදුකල බව වාර්තා වී තිබෙනවා. නමුත් එයට ශතවර්ෂ 10 කටත් පසුවයි නැනෝ පරිමාණයේ අංශු නිරීක්ෂණය කල හැකි අධි බලැති අන්වීක්ෂ සොයා ගනු ලැබුවේ. දැන් අපි දන්නා හදුනන නැනෝ තාක්ෂණය ඇරඹුනේ මීට වසර 20 කට පමණ පෙරයි. ...

FARCRY 6 System Requirements

  FARCRY 6 System Requirements : OS: Win 10 64. Processor: Intel Core i5-4460 3.2GHz / AMD FX-8350. Graphics: AMD Radeon R9 390 or NVIDIA GeForce GTX 970 4GB. VRAM: 2GB. System  Memory: 8 GB RAM. Storage: 50 GB Hard drive space.