Steps for the installation: Download the python from https://www.python.org/downloads/ and install it after completion of the downloading. Download the sqlmap zip file from https://sqlmap.org/ and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the command prompt from the same path. Type python ./sqlmap.py in the command prompt and press enter . YOU'RE DONE.
සුවස් ඇල හරහා බහාලුම් නෞකාවක් සිරවෙයි : ලොවපුරා භාණ්ඩ ප්‍රවාහන නෞකා රැසකට බාධා එල්ල වෙයි
“MV Ever Given” නම් මෙම නෞකාව දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වන බහාලුම් ප්‍රවාහන නෞකාවක් වනවා.
මෙම නෞකාව සිරවිමත් සමග ඊට පසු පසින් තවත් නෞකා 100ක් පමණ පෙළ ගැසී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
මේ වන විට සහන කණ්ඩායම් විසින් සුවස් ඇලේ එක් ඉවුරක් විශාල කරමින් සිරවී තිබෙන “MV Ever Given” නෞකාව ක්‍රමයෙන් යාත්‍රා කිරිමට හැකිවන ලෙස අවශ්‍ය කටයුතු සකස් කරලීමට දැඩි උත්සහයක නිරතව සිටින බවයි වාර්තා වනවා.
මේ වන විට සිරවී තිබෙන නෞකා අතර ඉන්ධන බැරල් මිලියන 13ක් රැගත් නෞකා 10ක් ද වනවා. මෙම තත්ත්වය සමග ලෝක ඉන්ධන වෙළෙදපළේ ඉන්ධන මිල සීයයට 2 කින් ඉහළ ගොස් ඇති අතර ඉන්ධන හිඟයක් ඇතිවේය යන්න සම්බන්ධයෙන් බියක්ද ඇතිව තිබෙනවා.
මිට අමතරව ආහාර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, එන්නත් ප්‍රවාහනය කිරීමේ ද ගැටළු මතුව ඇති බවයි අත්දැකීම් බහුල හිටපු වෙළෙඳ නෞකා නාවිකයෙක් වන ආචාර්ය Sal Mercogliano සඳහන් කර සිටියේ.
සුවස් ඇල හරහා නෞකා ගමනා ගමනයට බාධා එල්ලවී තිබීම නිසා එම තත්ත්වය මගහැර යාත්‍රා කිරීමට නම් අප්‍රිකානු මහ්ද්ධිවිපය හරහා යාත්‍රා කිරීමට නෞකාවන්ට සිදුවන අතර ඒ සඳහා අවම වශයෙන් දින 10ක කාලයක් ගතවන අතර යාත්‍රා කිරීමට සිදුවන අමතර දුර ප්‍රමාණය නාවික සැතපුම් 5000ක් වනවා.
මේ දක්වා ගනු ලැබූ උත්සාහයන් අනුව සැලකිය යුතු ප්‍රථිපලයක් අත්කර ගැනීමට මුදවා ගැනීමේ මෙහෙයුම්වල නිරත පිරිස් වලට හැකියාව ලැබී නොමැති අතර නෞකාව සිරවී තිබෙන තැනින් පිටතට ඇදීම සඳහා ඊජීප්තුව විසින් ඔවුන් සතු සියලු ටග් යාත්‍රා පිටත් කර යවා තිබෙනවා.
නෞකාවේ අන්ත දෙකම සුවස් ඇලේ ඉවුරට යාවි තිබීම නිසා එය මුදවා ගැනීමේ කටයුතු ඉතා ප්‍රවේශමෙන් සිදුකළ යුතුව ඇති බවත් එහි තිබෙන ඉන්ධන හිස්කොට, බහාලුම් පවා ඉවත් කිරිමට සිදුවන බවයි ආචාර්ය Sal Mercogliano, BBC රේඩියෝ නාලිකාව සමග එක්වෙමින් කියා සිටියේ.
ගෝලීය බහාලුම් නෞකාවලින් සීයයට 30ක් දෛනිකව යාත්‍රා කිරිම් සිදුකරන්නේ සුවස් ඇල හරහායි.
![](https://sinhala.newswire.lk/wp-content/uploads/2021/03/wat-8.jpg)
![](https://sinhala.newswire.lk/wp-content/uploads/2021/03/wat-1.jpg)
![](https://sinhala.newswire.lk/wp-content/uploads/2021/03/wat-2.jpg)
![](https://sinhala.newswire.lk/wp-content/uploads/2021/03/wat-3.jpg)
![](https://sinhala.newswire.lk/wp-content/uploads/2021/03/wat-4.jpg)
![](https://sinhala.newswire.lk/wp-content/uploads/2021/03/wat-5.jpg)
![](https://sinhala.newswire.lk/wp-content/uploads/2021/03/wat-6.jpg)
- Get link
- X
- Other Apps
Labels
knowledge seeker ship suez suez canel
Labels:
knowledge seeker
ship
suez
suez canel
- Get link
- X
- Other Apps
Comments
Sanuda Maara wadee nee
ReplyDelete