නැනෝ තාක්ෂණය
නැනෝ යනු, ග්‍රීක භාෂාවේ එන වචනයකින් සම්භවය වූ ඉංග්‍රීසි භාෂාවෙන් dwarf (අගුටුමිටි) යන වචනයටයි
අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක‍්‍රීඩා කරන පන්දුවක් සමඟ සසදා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 107 වාරයක් (10,000,0000) විශාලය.
නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හරහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේය.
නැනෝ තාක්ෂණයේ ආරම්භය
වසර 50 කටත් වඩා පැරණි ඓතිහාසික සොයාගැනිම් වර්තමානයේදි අපි නැනෝ තාක්ෂණික නිමැවුම් ලෙස නම් කරනු ලබනවා. එනම් නැනෝ තාක්ෂණය ලෙස හඳුන්වා නොදුන්නත් එය අතීතයේ සිටම භාවිතයට ගෙන තිබෙනවා. 10 වන ශතවර්ෂයේ තරම් ඈත අතීතයේදීත් නැනෝ පරිමාණයේ රත්‍රං යොදාගෙන වර්ණ ගැන්වු වීදුරැ හා පිගන් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත සිදුකල බව වාර්තා වී තිබෙනවා. නමුත් එයට ශතවර්ෂ 10 කටත් පසුවයි නැනෝ පරිමාණයේ අංශු නිරීක්ෂණය කල හැකි අධි බලැති අන්වීක්ෂ සොයා ගනු ලැබුවේ.
දැන් අපි දන්නා හදුනන නැනෝ තාක්ෂණය ඇරඹුනේ මීට වසර 20 කට පමණ පෙරයි. එත් විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව නැනෝ පරිමාණයේ පර්යේෂණ කරා ව්‍යාප්ත වු අවධියේය. සහශ්‍රකයේ ඇරඹුමත් සමග ඇමෙරිකානු හා වෙනත් රටවල පර්යේෂණ කලමණාකරුවන් විසින් අධ්‍යයනය කරනු ලැබුවේ ජීව විද්‍යාඥයන්, රසායනඥයන්, විද්‍යුත් ඉංජිනේරුවන්, දෘෂ්‍ය ඉංජිනේරුවන්, පදාර්ථ විද්‍යාඥයන් හා භෞතිකඥයන් තම පර්යේෂණ නැනෝ පරිමාණය භාවිත කරමින් මෙහෙයවනු ලබන බවයි. නැනෝ පරිමාණයෙන් සිදු කරනු ලබන පර්යේෂණ අන්‍යෝන්‍ය වශයෙන් එක් එක් පර්යේෂණ වලට උපකාර වන බව අවබෝධ කරගත් ඔවුහු "ඇමෙරිකානු ජාතික නැනෝ තාක්ෂණික මුලිකත්ව සංගමය" (US National Nanotechnology Initiative(NNI) ) නමින් සම්බන්ධීකරණ වැඩසටහනක් ඇරඹුහ.
Sanuda weerakkody
Comments
Post a Comment