Skip to main content

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

JOHANNES KEPLER

 

ජොහන්නස් කෙප්ලර්

විකිපීඩියා වෙතින්
Jump to navigationJump to search
ජොහන්නස් කෙප්ලර්
Johannes Kepler 1610.jpg
වර්ෂ 1610දී අඳිනු ලැබූ ජොහන්නස් කෙප්ලර්ගේ සිතුවමක්,චිත්‍රශිල්පියා පිලිබඳ සටහනක් නොමැත
උපතදෙසැම්බර් 27, 1571
නිදහස් වූ අධිරාජ්‍යයේ නගර අතරින් එකක් වූ ස්ටුට්ගාර්ට් නගරය ආසන්නයේ පිහිටි වෙඉල් ඩර් ස්ටඩ්ට් ප්‍රදේශයේ, ශුද්ධ වූ රෝමානු අධිරාජ්‍යයේ (වර්තමානයේ ජර්මනියේ බාඩ්න්-ව්හර්ට්ටේම්බර්ග් ප්‍රාන්තයේ ස්ටුට්ගාර්ට් ප්‍රදේශයට අයත්ය.)
මිය යාමNovember 15, 1630 (වයස 58)
රිජෙන්ස්බර්ග්බැවේරියාවට අදාළ ඡන්ද කොට්ටාශය, ශුද්ධ වූ රෝමානු අධිරාජ්‍යය (වර්ථමානයේ ජර්මනිය)
නිවහනජර්මනිය
ජාතිකත්වයජර්මානු
උගත් ශාස්ත්‍රාලයටූබින්ගෙන් විශ්වවිද්‍යාලය
සංගණ්‍ය වන්නේග්‍රහවස්තුන් පිළිබඳ කෙප්ලේර්ගේ නියායන්
(කෙප්ලර්ගේ විතර්කයන්)Kepler conjecture
Scientific career
ක්ෂේත්‍රයතාරකා විද්‍යාවනක්‍ෂත්‍ර විද්‍යාවගණිතය සහ සොබාවිත දර්ශනය
ආයතනලින්ස් විශ්වවිද්‍යාලය
අත්සන
Unterschrift Kepler.svg

ජොහන්නස් කෙප්ලර් (Johannes Kepler) (දෙසැම්බර් 27, 1571 – නොවැම්බර් 15, 1630) යනු ජර්මානු ජාතික ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක් හා නක්ෂත්‍ර පිළිබඳ දැනුමක් තිබූ ප්‍රාඥයෙකි. 17වන සියවසේ ඇතිවූ විද්‍යාත්මක විප්ලවයේ කැපී පෙනෙන චරිතයක් වූ මොහුව එයින් මුඋලික වන්නේ ඔහු ඉදිරිපත්කල ග්‍රහවස්තුන්ගේ චලනය පිළිබඳව ඉදිරිපත් කල නීති සංග්‍රහය හේතුවෙනි. මෙම නීති සංග්‍රහය, ඔහු විසින් රචිත Astronomia novaHarmonices Mundi හා Epitome of Copernican Astronomy පොත් ඇසුරෙන් පසුකාලීනව තාරකා විද්‍යාඥයින් විසින් ක්‍රමානුකුලව සම්පාදනය කරන ලදී. ඔහුගේ මෙම සොයාගැනීම් "අයිසැක් නිව්ටන්ගේ විශ්වය පුරා පවතින ගුරුත්වාකර්ෂණයට" අදාළ සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට මූලික පදනමක් බවට පත්විය.

ඔහුගේ වෘත්තීය ගමනේදී ඔස්ට්‍රියාවේ ග්‍රාස් නුවර පිහිටි සෙමනේරියක ගණිත ගුරුවරයෙක් ලෙස කටයුතු කිරීමට සිදුවූ අතර එහිදී ඔහුට හාන්ස් උල්රික් වොන් එගේන්බර්ග් කුමාරයාගේ සහකරු බවට පත්වීමේ හැකියාව ලැබිණ. එයින් පසුව ටයිකෝ බ්‍රාවෝ නම් තාරකා විද්‍යාඥයාගේ සහකරු බවට පත්විය. අවසානයේ 2වන රුඩොල්ෆ් අධිරාජ්‍යයාගේද ඔහුට පසුව අධිරාජ්‍යයන් බවට පත්වූ මතායස් හා 2වන ෆර්ඩිනැන්ඩ් ගේද රාජකීය ගණිතඥයා බවට පත්විය. තවද ඔහු ඔස්ට්‍රියාවේ ලින්ස් නුවර පාසලක ගණිත ගුරුවරයෙක් ලෙසද ජෙනරාල් වැලන්ඩීන්ගේ උපදේශකවරයෙක් ලෙසද කටයුතු කළේය. මීට අමතරව ප්‍රකාශ විද්‍යාවට අදාළ ප්‍රධාන විෂයන් සම්බන්දව පර්යේෂණ කටයුතුවල යෙදුනු අතර එමගින් වැඩි දියුණු කල වර්ථක දුරේක්ෂයක් (කෙප්ලර්ගේ දුරේක්ෂය)නිර්මාණය කිරීමට හැකිවූ අතර, ඔහුගේ සමකාලීනයෙක් වූ ගැලීලියෝ ගැලලිගේ දුරේක්ෂ පිළිබඳ සොයාගැනීම් පිළිබඳව සඳහන් කරන ලදී.

කෙප්ලර් ජීවත් වූ වකවානුවේ තාරකා විද්‍යාව හා නක්‍ෂත්‍ර ශාස්ත්‍රය අතර පැහැදිලි වෙනස්කමක් නොතිබුන අතර, භෞතික විද්‍යාව(ස්වභාවික දර්ශන විද්‍යාවට අයත් ලෙසද) හා තාරකා විද්‍යාව(ගණිත විෂයට අදාළ ලෙසද) අතර පැහැදිලි වෙනසක් පැවතුන බව දැකිය හැක. කෙප්ලර් ඔහුගේ අධ්‍යයන කටයුතු සඳහා ඔහුගේ ආගමේ අන්තර්ගතයන්ද එහි මතවදයන්ද උපයෝගී කරගත් අයෙකි. ඔහු විශ්වාස කල අන්දමට දෙවියන් විසින් ලෝකය නිර්මාණය කල ඇත්තේ යම් පැහැදිලි අරමුණක් සහිතව, එය තේරුම් ගත හැක්කේ නිවැරදි තර්කයන් ගොඩනැගීම තුලින් බවය. කෙප්ලර් විසින් සොයාගත් තාරකා විද්‍යාවට අදාළ කාරණා ඔහු විසින් "අභ්‍යාවකාශ භෞතික විද්‍යාව" ලෙස හැඳින්වූ අතර එය සම්ප්‍රදානුකුලව පැවති භෞතික විශ්වවිද්‍යාවෙන් වෙනස් කිරීම සඳහා තාරකා විද්‍යාව විශ්වීය භෞතික ගණිතයේ කොටසක් ලෙස සලකන ලදී.[1]

මුල් අවදිය[මූලාශ්‍රය සංස්කරණය]

Birthplace of Johannes Kepler in Weil der Stadt
කෙප්ලර් කුඩා දරුවෙකුව සිටියදී දුටු, යුරෝපය පුරා සිටි තාරකා විද්‍යාඥයන්ගේ අවධානය දිනාගත් 1577 මහා වල්ගාතරුව

ජොහන්නස් කෙප්ලර් 1571 දෙසැම්බර් 27 වනදා,නිදහස් වූ අධිරාජ්‍යයේ නගර අතරින් එකක් වූ ස්ටුට්ගාර්ට් නගරය ආසන්නයේ පිහිටි වෙඉල් ඩර් ස්ටඩ්ට් ප්‍රදේශයේ, ශුද්ධ වූ රෝමානු අධිරාජ්‍යයේ (වර්තමානයේ ජර්මනියේ බාඩ්න්-ව්හර්ට්ටේම්බර්ග් ප්‍රාන්තයේ ස්ටුට්ගාර්ට් ප්‍රදේශයට අයත්ය.) උපත ලැබීය. ඔහුගේ සීයා, සෙබාල්ඩ් කෙප්ලර්, එම නගරයේ නගරාධිපති වශයෙන් කලක් සේවය කර තිබුනද, කෙප්ලර් බිහිවන විට පවුලේ ධනය හීන වෙමින් පැවතින. සොයුරන් දෙදෙනෙකු හා සොහොයුරියක් සමඟ හැදී වැඩුණද කෙප්ලර්ට පියාගේ ඇසුර නොලැබෙන්නේ කුලී හේවයෙක් ලෙස කටයුතු කල ඔහුගේ පියා, හෙයින්රික් කෙප්ලර්,ඔහුට අවුරුදු පහේදී පවුල හැර දමා යාම නිසාය. හෙයින්රික් කෙප්ලර් නෙදර්ලන්තයේ ඇතිවූ අට අවුරුදු සංග්‍රාමයේදී ජීවිතක්ෂයට පත්වූ බව පිළිගැනේ. තානායම් හිමිකරුවෙකුගේ දියණියක් වූ කෙප්ලර්ගේ මව කැතරිනා ගල්ඩන්මාන්ලෙඩ සුවකරන්නියක් හා ඖෂධ නිපදවන්නියක් ලෙස කටයුතු කලද පසුව මායාකර්ම භාවිතා කලා යැයි නීතිය ඉදිරියට ගෙනයන ලදී. නොමේරු දරුවෙකු ලෙස ඉපදුනු කෙප්ලර් කුඩාකල රෝගී හා දුර්වල ළමයෙකු ලෙස හැඳින්විය. නමුත් ඔහු තම සීයාගේ තානායමට පැමිණෙන අමුත්තන්ව සිය අතිවිශේෂ ගණිත දැනුමෙන් විශ්මයට පත් කළේය.[2]

ඔහු තාරක විද්‍යාව පිළිබඳ ඇල්මක්, ආදරයක් ඇති වුනේ ඔහු කුඩාකල දීමය, එම නොසන්සිඳෙන ආශාව ඔහුගේ ජිවිත කාලය පුරා පැවතීන. වයස අවුරුදු හයේදී, ඔහුට 1577 මහා වල්ගාතරුව නැරඹීමේ අවස්ථාව ලැබිණි, ඒ ගැන සඳහන් කර ඇති ආකාරයට ඔහුව "එය නැරඹීම සඳහා ඔහුගේ මව විසින් උස් වූ ස්ථානයකට රැගෙන ගොස් ඇත."[3] වයස අවුරුදු නවයේදී, ඔහුට තවත් තාරකා විද්‍යාඥයාත්මක සංසිද්දියක් වූ චන්ද්‍ර ග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාවක් 1580දී ලැබිණි, එය වාර්තා කර ඇත්තේ ඔහුට එයා නැරඹීමට "එළිමහනට පැමිණෙන්න" යැයි කථාකර ඇති බව මතක බවත් සඳ එම මොහොතේ "ඉතා තද රතුපැහැති" දිස්වුණ ලෙසය.[3] කෙසේවෙතත්, කුඩාකල වසූරිය රෝගය වැලඳීම නිසා ඔහුගේ ඇස් පෙනීම දුර්වල වූ අතර දෑත අංගවිකල භාවයට පත්වුයේ තාරක විද්‍යාවේ මූලික අංශයක් වූ ග්‍රහවස්තුන් නිරීක්ෂණය අඩපණ කරමිනි.[4]

පළමුව වියරණ පාසලෙන්ද(එකල පෙර පාසල) ඉන්පසු ලතින් විදුහලෙන් හා මෞල්බ්‍රොන් සේමනේරියෙන් අධ්‍යාපනය ලැබූ කෙප්ලේර් වැඩිදුර අධ්‍යාපනය සඳහා 1958දි ටුබින්ගන් විශ්වවිද්‍යාලයේ ටුබින්ග්අ ස්ටිස්ට් වෙත ඇතුල් විය. එහිදී ඔහු විටස් මියුලර්[5] යටතේ දර්ශන විද්‍යාවද, ජේකොබ් හීර්බ්‍රැන්ඩ් (මොහු ෆිලිප් මෙලන්ක්තොන්ගේ සිසුවෙක් වූ අතර, 1590 ටුබින්ගන්හි චාන්සලර බවට පත්වූ මයිකල් මේස්ටලින්ගේද ගුරුවරයෙකු වී ඇත[6].) යටතේ දේවවේදය උගත්තේය. සරසවියේදී ඔහු තුල සිටි ගණිතඥයා පිළිබඳව සියල්ලන්ම දෙන ගත්තේය, එමෙන්ම ඔහුගේ මිතුරන්ට ජන්ම පත්‍ර සාදා දීමෙන් ඔහුගේ නක්ෂත්‍රවේදය පිළිබඳ හැකියාවද ප්‍රචලිත විය. මේ අතර මයිකල් මේස්ටලින්ගේ(1583 සිට 1631 දක්වා කාලය තුල ටුබින්ගන් සරසවියේ ගණිතය පිළිබඳ මහාචාර්යවරයා)[6] උපදේශන මත කෙප්ලර් ටොලමිගේ ග්‍රහමණ්ඩල සැකැස්ම පිළිබඳවද, කොපර්නික්ගේ ග්‍රහමණ්ඩල සැකැස්ම පිළිබඳවද අධ්‍යයනයෙහි යෙදුණේය. එමගින් ඔහු එම විෂයන් පිළිබඳව විශිෂ්ට දැනුමක් ලබාගත්තේය. සිසුන් අතර පැවති විවාදයන්හිදී ඔහු සුර්ය කේන්ද්‍රීය ග්‍රහ සැකැස්මේ සත්‍යබව පිළිබඳ න්‍යයාත්මකවද, දේවවේදය ඇසුරෙන්ද කරුණු ගෙනහැර දැක්වු අතර සූර්යයා විශ්වයේ චලනයට හේතුව මූලික ප්‍රභවය ලෙස සඳහන් කළේය.[7] අධ්‍යාපනයෙන් පසු ඔහුගේ අරමුණව තිබුනේ දේවගැතිවරයෙකු වීමටද ඔහුට ග්‍රාස් නුවර පිහිටි ප්‍රොටෙස්ටන්ට් විදුහලෙන්(වර්තමානයේ ග්‍රාස් විශ්වවිද්‍යාලය) ගණිතය හා තාරකාවිද්‍යාව ඉගැන්වීම සඳහා කල ඇරයුම පිළිගැනීමට සිදු වූ අතර 1594 අප්‍රේල් මාසයේ ඔහු එම තනතුර භාරගත්තේය.[8]

ග්‍රාස් (1594–1600)[මූලාශ්‍රය සංස්කරණය]

Mysterium Cosmographicum[මූලාශ්‍රය සංස්කරණය]

කෙප්ලර්ගේ Mysterium Cosmographicum හි අන්තර්ගත සෞරග්‍රහ මණ්ඩලයේ ත්‍රිමාණ බහුතල ආකෘතිය (1600)

ජොහන්නස් කෙප්ලර්ගේ තාරකාවිද්‍යාව සම්බන්ධ ප්‍රථම ව්‍යාපෘතිය, Mysterium Cosmographicum (විශ්වය අධ්‍යනයෙහි අභිරහස්) නම් ප්‍රකාශනයයි. එය ඔහු විසින් කොපර්නික්ගේ ග්‍රහමණ්ඩල සැකැස්මේ සත්‍යභාවය සනාථ කිරීම සඳහා එළිදැක්වුවකි. කෙප්ලර් පවසන ආකාරයට 1595 ජූලි 19වනදා ග්‍රාස්හි පාසලේ සිසුන්ට ග්‍රහරාශි චක්‍රයේ සෙනසුරුගේ හා බ‍්‍රහස්පතිගේ ආවර්තිත ග්‍රහ යෝගය පිළිබඳ ඉගැන්වීම් කටයුතු කරමින් සිටින විටදී; ඔහුට එකවරම, එක් ශීර්ෂ ලක්ෂයක් හා එක් පරිගත චක්‍රයක්, නියත අනුපාතයකට පවතින බවත්, එය සවිධි බහු අස‍්‍රය තුලට අන්තර්ගත කල හැකී යන අදහසත් පහලවු බව. ඔහු මෙම සැකැස්ම විශ්වයේ ජ්‍යාමිතික පිහිටුම මෙය වියහැකි බවට සනාථ කිරීමට සාධක සෙවීමට උත්සහ කළා. නමුත් එතෙක් දැනසිටි ග්‍රහවස්තුන්ට(ග්‍රහමණ්ඩලයට අලුතින් ග්‍රහයින් එක්කලද) විශේෂිත වූ බහුඅස‍්‍රයන්ගේ පිහිටීමක් සොයාගැනීමට නොහැකි වූ තැන, කෙප්ලර් තම පර්යේෂණ කටයුතු ත්‍රිමාණ බහුඅස්‍ර යොදාගනිමින් කිරීම ආරම්භ කලා. එහිදී ඔහු ගෝලයක් තුල පවතින බහුතල පහ අතුරින් ඕනෑම එකක් ඉහත දැක්වූ සැකැස්මට අනුව එයටම විශේෂ වූ ආකාරයෙන් සැකසිය හැකි බවත්, මෙම බහුතල ගෝලයක් තුල නිර්මාණය කර,එම ගෝල එකමත එක වැටෙන ආකාරයට සැකසීමෙන් එතෙක් සොයාගෙන තිබූ ග්‍රහවස්තුන් හයට (බුධසිකුරු ග්‍රහයාපෘතුවිඅඟහරුබ්‍රහස්පති ග්‍රහයාසෙනසුරු) අනුරූප ස්ථර හයක් නිර්මාණය කල හැකි බව තේරුම් ගත්තේය. මෙම බහුතල (අශ්ටතලයවිසිතලයදොළොස්තලයචතුස්තලයඝනකය) ක්‍රමානුකුලව පටිපාටි ගතකිරීමෙන් පසු, මෙම ග්‍රහ වස්තුන් සුර්යා කේන්ද්‍ර කොටගෙන භ්‍රමණය වන්නේ යැයි සැලකුවහොත්, මෙම ගෝලයන් එම ග්‍රහ වස්තුන් භ්‍රමණය වන මාර්ගයට සාපේක්ෂව තැබිය හැකි බව සොයාගත්තේය. තවද කෙප්ලර් විසින් මෙම ග්‍රහ වස්තුන්ගේ චලනයට අදාලව සමීකරණයක් ගොඩනැගුවේය. නමුත් පසුකලෙක කෙප්ලර් විසින්ම මෙම සමීකරණය නිරවද්‍ය බව අඩුබව නිසා බැහැර කර දැමුවේය.[9]

ආකෘතියේ ඇතුලත කොටසේ සමීප දසුනක්

ඔහුගේ උපදේශකවරයාගේ(මයිකල් මේස්ටලින්) සහයෙන් ඔහුගේ සොයාගැනීමට අදාළ අත්පිටපත ප්‍රකාශනය කිරීමේ අනුමැතිය, ටුබින්ග විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය මණ්ඩලයෙන් ලබාගැනීමට කෙප්ලර්ට හැකියාවක් ලැබෙන්නේය. ඒ අනුව 1596දි Mysterium ප්‍රකාශයට පත් වෙයි. 1597 මුල් භාගයේදී කෙප්ලර් ඔහුට ලැබුන පිටපත් එකල සිටි ශ්‍රේෂ්ට තාරකා විද්‍යාඥයන්ට හා අනුග්‍රහකයන්ට යවනු ලබනවා. එම ප්‍රකාශනය බහුතරයක් දෙන භාවිතා නොකලද, එමගින් ඔහු ඉහළ කුසලතාවයකින් යුත් තාරකා ශාස්ත්‍රඥයෙකු ලෙස පිළිගැනීමට ලක්වේ. ඔහු, ඔහුගේ උසස් අනුග්‍රාහකයන්ට මෙන්ම ග්‍රාස්හි ඔහුගේ ප්‍රධානීන් කෙරෙහි දක්වන ඉහළ කැපවීම, ඔහුගේ ඉදිරි ගමනට විශාල උපකාරයක් බවට පත්වෙයි.[10]

පසුකාලීනව ඔහු සිදුකල පර්යේෂණ කටයුතු සමඟ Mysterium Cosmographicum හි ඇතැම් කරුණු සංස්කරණ කිරීමට ලක්වුවද එහි අන්තර්ගතවූ බහුතල-ගෝලාකාර ග්‍රහ සැකස්ම පිළිබඳ අදහස ඔහු කෙදිනකවත් අතහැර දැමුවේ නැත. පසුව ඔහු විසින් සිදුකල අනිකුත් තාරකාවිද්‍යාත්මක සොයාගැනීම් සියල්ල ඔහුගේ මුල් ව්‍යාපෘතිය හා සහසම්බන්ද හෝ එය තවදුරටත් වර්ධනය කිරීමට අදාලව සිදුකල ඒවාය.1621දි කෙප්ලර් විසින් Mysterium Cosmographicumහි 2වන මුද්‍රණය එළිදක්වනු ලැබීය. එහි ඔහු විසින් පළමු එළිදැක්වීමේ තිබූ දෝෂයන් සඳහන් කරමින්, ඒවා නිවැරදි කරමින් හා අවුරුදු 25ක් පුරා සොයාගත් නව සොයගනීම්ද එක් කිරීමටද වගබලාගත්තේය.[11]

Mysterium පර්යේෂණ ග්‍රන්ථය මගින් කල බලපෑම ගැන සලකා බලන කල, එමගින් කොපර්නිකස්ගේ න්‍යාය නව්‍යකරණය සඳහා මූලික අඩිතාලම සැලසුන බව සඳහන් කල හැක. ඔහුගේ පර්යේෂණ කටයුතු කොපර්නිකස්ගේ න්‍යායන් මත පදනම් වුවද ග්‍රහයන්ගේ කක්ෂ මත ගමන් වේගය පිළිබඳ පැහැදිලි කිරීමට ටොලමිගේ න්‍යායන් භාවිතා කිරීමට සිදුවිය. ටොලමිගේ න්‍යායන් පෘතුවි කක්ෂය, මධ්‍ය ලක්ෂ්‍යය යැයි යන උපකල්පනය මත පදනම් වූ බැවින්, එකිනෙකට වෙනස් උපකල්පන මත පදනම් වූ න්‍යායන් 2ක් ඇසුරෙන් ඔහුගේ සොයාගැනීම් සිදු වී ඇති බැවින් මෙම ග්‍රන්ථයේ සඳහන් කරුණු දෝෂ සහගත බව සැලකේ. එනමුත් කොපර්නිකස්ගේ න්‍යායන්හි පැවති ටොලමිගේ න්‍යායයේ අභාෂයන් ඉවත් කිරීමට තැබූ මුල් පියවරක් ලෙස මෙම පර්යේෂණ ග්‍රන්ථය කෙරෙහි තරකවේදීන්ගේ ගෞරවය හිමිවේ.[12]

සිදුකල කර්යභාර්යයන්[මූලාශ්‍රය සංස්කරණය]

Epitome astronomiae copernicanae, 1618
  • Mysterium cosmographicum (The Sacred Mystery of the Cosmos) (1596)
  • De Fundamentis Astrologiae Certioribus On Firmer Fundaments of Astrology (1601)
  • Astronomiae Pars Optica (The Optical Part of Astronomy) (1604)
  • De Stella nova in pede Serpentarii (On the New Star in Ophiuchus's Foot) (1604)
  • Astronomia nova (New Astronomy) (1609)
  • Tertius Interveniens (Third-party Interventions) (1610)
  • Dissertatio cum Nuncio Sidereo (Conversation with the Starry Messenger) (1610)
  • Dioptrice (1611)
The lunar crater Kepler
  • De nive sexangula (On the Six-Cornered Snowflake) (1611)
  • De vero Anno, quo aeternus Dei Filius humanam naturam in Utero benedictae Virginis Mariae assumpsit (1613)
  • Eclogae Chronicae (1615, published with Dissertatio cum Nuncio Sidereo)
  • Nova stereometria doliorum vinariorum (New Stereometry of Wine Barrels) (1615)
  • Epitome astronomiae Copernicanae (Epitome of Copernican Astronomy) (published in three parts from 1618–1621)
  • Harmonice Mundi (Harmony of the Worlds) (1619)
  • Mysterium cosmographicum (The Sacred Mystery of the Cosmos) 2nd Edition (1621)
  • Tabulae Rudolphinae (Rudolphine Tables) (1627)
  • Somnium (The Dream) (1634)

Comments

Popular posts from this blog

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

Nano technology (නැනෝ තාක්ෂණය)

  නැනෝ තාක්ෂණය නැනෝ යනු, ග්‍රීක භාෂාවේ එන  වචනයකින් සම්භවය වූ ඉංග්‍රීසි භාෂාවෙන් dwarf (අගුටුමිටි) යන වචනයටයි අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක‍්‍රීඩා කරන පන්දුවක් සමඟ සසදා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 107 වාරයක් (10,000,0000) විශාලය. නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේය. නැනෝ තාක්ෂණයේ ආරම්භය වසර 50 කටත් වඩා පැරණි ඓතිහාසික සොයාගැනිම් වර්තමානයේදි අපි නැනෝ තාක්ෂණික නිමැවුම් ලෙස නම් කරනු ලබනවා. එනම් නැනෝ තාක්ෂණය ලෙස හඳුන්වා නොදුන්නත් එය අතීතයේ සිටම භාවිතයට ගෙන තිබෙනවා. 10 වන ශතවර්ෂයේ තරම් ඈත අතීතයේදීත් නැනෝ පරිමාණයේ රත්‍රං යොදාගෙන වර්ණ ගැන්වු වීදුරැ හා පිගන් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත සිදුකල බව වාර්තා වී තිබෙනවා. නමුත් එයට ශතවර්ෂ 10 කටත් පසුවයි නැනෝ පරිමාණයේ අංශු නිරීක්ෂණය කල හැකි අධි බලැති අන්වීක්ෂ සොයා ගනු ලැබුවේ. දැන් අපි දන්නා හදුනන නැනෝ තාක්ෂණය ඇරඹුනේ මීට වසර 20 කට පමණ පෙරයි. ...

FARCRY 6 System Requirements

  FARCRY 6 System Requirements : OS: Win 10 64. Processor: Intel Core i5-4460 3.2GHz / AMD FX-8350. Graphics: AMD Radeon R9 390 or NVIDIA GeForce GTX 970 4GB. VRAM: 2GB. System  Memory: 8 GB RAM. Storage: 50 GB Hard drive space.