රාජ් සෝමදේව
මහාචාර්ය රාජ් සෝමදේව | |
|---|---|
| උපත | දෙල්ගහවත්තගේ රාජ් කුමාර් සෝමදේව දෙල්ගහවත්ත ඔක්තෝම්බර් 31, 1960 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දෙල්ගහවත්තගේ රාජ් කුමාර් සෝමදේව දෙල්ගහවත්ත (උපත – 1960 ඔක්තොම්බර් 31) කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක් වන අතර ලෝක පුරාවිද්‍යා කොංග්‍රසයේ සාමාජිකයෙක් ද වේ. 2005 වසරේ දී ඔහු ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් වෙතින් චාල්ස් වොලස් පර්යේෂණ සාමාජිකත්වය ලැබීමට ද සමත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අදාල ව සිදුකරන කැණීම් සහ ගවේෂණ හේතුවෙන් ඒ මහතා ප්‍රසිද්ධියක් උසුලයි.[1]
අධ්‍යාපනය සහ වෘත්තීය ජීවිතය[මූලාශ්‍රය සංස්කරණය]
දෙල්ගහවත්තගේ රාජ් කුමාර් සෝමදේව දෙල්ගහවත්ත 1960 ඔක්තෝම්බර් 31 දින උපත ලැබුවේ ය. ඔහු 1986 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබද සිය මූලික උපාධිය ලබාගත් අතර 1994 දී පුරාවිද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධිය ද එම විශ්වවිද්‍යාලයෙන් ම ලබාගත්තේ ය. 2006 වසරේ දී ඔහු ස්වීඩනයේ අප්සලා විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබද ආචාර්ය උපාධිය හිමිකර ගත්තේ ය.
ඔහු යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියේ සීගිරියේ සහකාර අධ්‍යක්ෂකවරයා වශයෙන් 1989 සිට 1994 දක්වාත්, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද පෞරාණික ලෝකඩ උරුම (ශ්‍රී ලංකා) ව්‍යාපෘතියේ ආයතනික සම්බන්ධීකාරවරයා වශයෙන් 1994 දීත් කටයුතු කළේ ය. 1998 දී ඔහු ශාස්ත්‍රීය අංශයේ නායකත්වය සැපයීම සහ ජයග්‍රහණ උදාකරගැනීමේ අංශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයන් දසදෙනාගේ සම්මානය ද දිනාගත්තේ ය. 2005 වසරේ දී ඔහුට යුනිවසිටි කොලේජ් ඔෆ් ලන්ඩන්හි පුරාවිද්‍යා ආයතනයෙන් චාල්ස් වොලස් පර්යේෂණ සාමාජිකත්වය ප්‍රදානය කෙරුණි. රාජ් සෝමදේව මහතා ලෝක පුරාවිද්‍යා කොංග්‍රසයේ සාමාජිකයකු ද වෙයි. 2019 සිට ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ පුරාවිද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරයි.[2]
බුදුදහම මහින්දාගමනයට පෙර පටන් පැවති බවට සහ ලංකා ඉතිහාසය විජය-කුවේණි යුගයට වඩා ඔබ්බට දිවෙන බවට සාක්ෂි ඇති බව රාජ් සෝමදේව මහතා පවසයි.[3]ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සංස්කෘතිය ගැන එතුමා අපරිමිත සේවය ක් ඉටුකරයි .
රාජ් සෝමදේව මහතාව සම්බන්ධ කරගන්න. ඔහුගේ පහත විද්‍යුත් ලිපින භාවිතා කරන්න rajsomadeva@hotmail.com rajsomadeva@gmail.com

Comments
Post a Comment