Skip to main content

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

බර්ජ් ඛලීෆා

 

බර්ජ් ඛලීෆා

විකිපීඩියා වෙතින්                                                                                                 

Jump to navigationJump to search
බර්ජ් ඛලීෆා
برج خليفة
පැරණි නම්බර්ජ් ඩුබායි
වාර්තාගත උස
the worldහි උසම 2009 සිට[I]
පූර්වගමනය වූයේතායිපේ 101
සාමාන්‍ය තොරතුරු
ප්‍රභේදයමිශ්‍ර භාවිතය
ගෘහනිර්මාණ ශෛලියනව-අනාගතවාදය
පිහිටීම1 ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් මාවත, ඩුබායිඑක්සත් අරාබි එමීර් රාජ්‍යය.
ඉදිකිරීම් ආරම්භ වූයේ2004 ජනවාරි 6
සමාප්තිය2009 දෙසැම්බර් 30
විවෘතවූයේ2010 ජනවාරි 4
පිරිවැයUSD $ 1.5 බිලියන[1]
උස
වාස්තුවිද්‍යාත්මක828 m (2,717 ft)[2]
අග829.8 m (2,722 ft)
පියස්ස828 m (2,717 ft)
ඉහළ මහල584.5 m (1,918 ft) (154 වන මහල)
නිරීක්ෂණාගාරය555.7 m (1,823 ft) (148 වන මහල)
තාක්ෂණික තොරතුරු
මහල් සංඛ්‍යාවපොදු භාවිතයට ගතහැකි මහල් 154ක්[2][3]
නඩත්තු මහල් 9ක්, කොත් මහල් 46ක්,[4] සහ භූගත වාහන නැවතුම් මහල් 2ක්
මහල් වර්ගඵලය309,473 m2 (3,331,100 sq ft)
සෝපාන/උත්තෝලක57 (තනි තට්ටු විදුලිසෝපාන 55ක් සහ ද්විත්ව තට්ටු විදුලි සෝපාන 2ක්) (ඕටිස් විදුලිසෝපාන සමාගම විසින් නිෂ්පාදිතයි)
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාස්කිඩ්මෝ, ඔවින්ග්ස් සහ මෙරිල් සමාගමේ ඒඩ්‍රියන් ස්මිත්
සංවර්ධකයාඑමාර් ප්‍රොපටීස්
ව්‍යූහාත්මක ඉංජිනේරුස්කිඩ්මෝ, ඔවින්ග්ස් සහ මෙරිල් සමාගමේ බිල් බේකර්[5]
ප්‍රධාන කොන්ත්‍රාත්කරුසැම්සුන් සී ඇන්ඩ් ටී කෝපරේෂන්බෙසික්ස් and ඇරැබ්ටෙක්
අධීක්ෂණ උපදේශක ඉංජිනේරු හයිඩර් කන්සල්ටින්
ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරු ටර්නර් කන්ස්ට්‍රක්ෂන්ස්
ග්‍රොකොන්[6]
සැලසුම්කරණය බවර් ඒජී සහ මිඩ්ල් ඊස්ට් ෆවුන්ඩේශන්ස්[6]
විදුලිසෝපාන ඕටිස් විදුලිසෝපාන සමාගම[6]
VT consultant Lerch Bates[6]
වෙබ්අඩවිය
burjkhalifa.ae

බර්ජ් ඛලීෆා (අරාබිبرج خليفة‎, "ඛලීෆා ටවර්", උච්ඡාරණය ඉංග්‍රීසි/ˈbɝ kəˈlfə/), යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේඩුබායි නගරයේ පිහිටි උස් ගොඩනැගිල්ලකි. එය විවෘත කිරීමට පෙර හඳුන්වනු ලැබූයේ බර්ජ් ඩුබායි ලෙසය. එය ලොව ඇති වඩාත් උසම කෘතීම ව්‍යුහයයි. එහි උස 829.8 m (2,722 ft) වේ.

බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල ඉදිකිරීම අරඹනු ලැබූයේ 2004 වසරේදීය. එහි බාහිර කොටස 2009 වන විට ඉදිකර අවසන් විය. එහි ප්‍රාථමික ව්‍යුහය සවිගැන්වූ කොන්ක්‍රීට් වලින් නිමවා ඇත. ඩුබායි නගරයේ සංවර්ධන ව්‍යාපෘතියකට සමගාමීව මෙම ගොඩනැගිල්ල 2010 වසරේදී විවෘත කෙරිණි. මෙය නිර්මාණය කර ඇත්තේ මහා පරිමාණ මිශ්‍ර භාවිත සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය ලෙසයි. බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල ඉදිකිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජය තීරණය කර ඇත්තේ, එරට ඛනිජ තෙල් මූලික කරගත් ආර්ථිකයෙන් වෙනස් වී රටට ජාත්‍යන්තර පිළිගැනීම ලබාගැනීමටයි. මෙම ගොඩනැගිල්ල එනමින් නම් කර ඇත්තේ අබුඩාබිහි පාලකයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති වන කලීෆා බින් සයෙද් අල් නහ්යාන් ට ගෞරව පිණිසය. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ගනු ලැබූ ණය පියවීම සඳහා එක්සත් අරාබි එමීර් රජය සහ අබුඩාබි නගරය විසින් ඩුබායි නගරයට මුදල් ලබාදෙන ලදී. බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල විසින්, එතෙක් ලොව විවිධ ගොඩනැගිලි මගින් තබා තිබූ 'ලොව උසම ගොඩනැගිලි' වාර්තා රැසක් බිඳහෙලනු ලැබීය.

බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල නිර්මාණය කරනු ලැබූයේ එවකට ස්කිඩ්මෝ, ඔවින්ග්ස් සහ මෙරිල් සමාගමේ (SOM) හිමිකරු ඒඩ්‍රියන් ස්මිත් විසිනි. ඇමරිකාවේ විලිස් ටවර් සහ නව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 1 WTC ගොඩනැගිල්ල යන සුප්‍රසිද්ධ ගොඩනැගිලිද නිර්මාණය කරනු ලැබූයේ මෙම සමගම විසිනි. හයිඩර් කන්සල්ටින් සමාගම ගොඩනැගිල්ලේ අධීක්ෂණ ඉංජිනේරු කාර්යය සිදුකළහ. NORR ගෘෘප් කන්සල්ටන්ට්ස් ඉන්ටනැෂනල් ලිමිටඩ් ආයතනය විසින් මෙහි ගෘහනිර්මානය අධීක්ෂණය කරන ලදී. මෙම ගොඩනැගිල්ලේ ගෘහනිර්මාණය ඉස්ලාමීය ගෘහනිර්මාණ ශිල්පය සහ කලාපයේ සංස්කෘතික හා ඓතිහාසික සංකල්පයන් යොදා ගනිමින් සකසා ඇත. ගොඩනැගිල්ලේ ස්පිරුලාකාර ප්‍රාසාදශෘංගය මීට එක් උදාහරණයකි. ගොඩනැගිල්ලේ ඉංග්‍රීසි Y අකුරේ හැඩය ඇති සැලැස්ම වෙන්කර තිබෙන්නේ නිවාස සහ හෝටල් සඳහාය. ගොඩනැගිල්ල මධ්‍යයේ ඇති රුකුල් දෙනු ලැබූ හර ව්‍යුහ පද්ධතියක් විසින් ගොඩනැගිල්ලට ආධාරකයක් ලෙස ක්‍රියා කරයි. එමෙන්ම ගොඩනැගිල්ල වටකරමින් ඉදිකර ඇති ආරක්ෂක පටල පද්ධතියක් විසින් ඩුබායිහි ගිම්හාන උෂ්ණත්වය දරා සිටීමට ගොඩනැගිල්ලට සහය වෙයි. එක් කුටියක 12 - 14 අතර පිරිසක් රැගෙන යා හැකි සෝපාන පද්ධති 57ක් බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල තුල ඇත. භාණ්ඩ ප්‍රවාහන උත්තෝලක 8ක්ද ඊට අමතරව ඇත.

බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල සම්බන්ධයෙන් විචාරක අදහස් ධනාත්මක වේ. මෙම ගොඩනැගිලි නිර්මාණය වෙනුවෙන් සම්මාන රැසක්ද ඊට ලැබී ඇත. කෙසේවෙතත් ගොඩනැගිල්ල ඉදිකරන සමයේ එහි කම්කරුවන්ට මුහුණ දීමට සිදුවූ ගැටළු ආන්දෝලනාත්මක වී ඇත. බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල ඉදිකළ බොහෝ කම්කරුවන් දකුණු සහ නැගෙනහිර ආසියානුවන් වූ අතර ඔවුන් අඩු වැටුප් ලැබූ බවත්, අඩු පහසුකම් සහිත නවාතැන්වල ජීවත් වූ බවත් වාර්තා වේ.


Comments

Post a Comment

Popular posts from this blog

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

ලෝකයේ ඇති අභිරහස්ම දූපත්

  13. Palmyra Atoll (පැල්මයිරා දුපත්)   මෙම හස්තය හවායි දූපත් වලට දකුණින් පිහිටා ඇති අතර එය ඇමරිකාවට අයත් වේ. “මේ ස්ථානය භූතයන්ගෙන් පිරී තිබේ” කියා ඔවුහු පවසති. සියවස් ගණනාවක් පුරා දූපත කුප්‍රකට වූයේ එහි වෙරළ ආසන්නයේ ඇති බොහෝ නැව් සුන්බුන් නිසාය. එක් අනතුරකින් මියගිය නැවියන්ගේ ආත්මයට ශාප කරන ලද සැඟවුණු නිධානයක් පිළිබඳ ඕපාදූප රාශියක් ආරම්භ විය. නැව් සුන්බුන් වලට අමතරව, මෙම ස්ථානය නැතිවූ නැව් සඳහා ප්‍රසිද්ධය. 1855 දී ගල්පරයක් සමඟ යාත්‍රාවක් ගැටී ඇති බව වාර්තා වන නමුත් බේරාගත් අය එම ස්ථානයට ළඟා වූ විට නැව සහ නැවියන් යන දෙකම සොයා ගැනීමට නොහැකි විය. දෙවන ලෝක යුද්ධ සමයේදී මෙම දූපත පාලමක් ලෙස භාවිතා කරන ලදී. එහි සේවය කරන සොල්දාදුවන් නොදන්නා සම්භවයක් ඇති බවට භීතියට පත්ව ඇති අතර ඔවුන්ගෙන් සමහරක් සියදිවි නසා ගත්හ. 12. Snake Island බ්‍රසීලයට නුදුරින් පිහිටි මෙම ආකර්ශනීය දූපතේ සර්පයන් විශාල ප්‍රමාණයක් සිටින අතර ඔවුන් හැර වෙනත් කිසිවක් නොමැති අතර සමහර දුර්ලභ පක්ෂීන් එම ප්‍රදේශයේ වාසය කරයි. දිවයිනේ වාසය කරන සර්ප විශේෂ ලෝකයේ වඩාත්ම විෂ සහිත යැයි නිල වශයෙන් වර්ගීකරණය කර ඇත; එක් කටගැස්මකින් පස...

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (International Space Station /ISS)

 අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය   ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ආයතන පහක හවුල් ව්‍යාපෘතියකි; ඒ නාසා ආයතනය, රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය, Japan Aerospace Exploration Agency, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය යන ආයතන පහයි කක්ෂ උස :  408 km කක්ෂය මත වේගය :  7.66 km/s දියත් කරන දිනය :  1998 නොවැම්බර් 20 දිග :  මි. 73.0 (අඩි 239.4) නිෂ්පාදකයන් :  නාසා ,  තවත්