මීර් අජටාකාශ මධ්‍යස්ථානය යනු,
“මීර්” යනු රුසියානු (කලින් සෝවියට්) භාෂාවෙන් “සාමය” හා “ලෝකය” යන තේරුම් දෙකම දෙන්නා වූ වදනකි. මීර් අජටාකාශ මධ්‍යස්ථානය යනු රුසියානුවන් විසින් ගුවන්ගත කරනා ලද අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයකි. එසේම එය නිරන්තර මනුෂ්‍ය වාසයකින් යුක්ත වූ දිගුකාලීන විද්‍යා පර්යේෂණ සිදුකළ හැකි පහසුකම්වලින් සමන්විත “තුන්වන පරම්පරාවේ” කක්ෂගත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකි. මෙහි ඉදිකිරීම් වසර ගණනාවක් පුරාවට සිදු කෙරිණි.
එනම් වසර දහයකට දින අටක් පමණක් අඩු වූ කාලයකි. අභ්‍යාවකාශයේ නොනැසී මනුෂ්‍ය වාසයක් පැවතුන දිගම කාලයට හිමි වාර්තාව ද මීර් සතුය. මීර් මධ්‍යස්ථානය සම්බන්ධ නොයෙකුත් හැල හැප්පීම්වලින් අනතුරුව එය ජාත්‍යන්තරව රුසියානු, ඇමරිකානු හා වෙනත් රටවල අභ්‍යවකාශගාමීන්ට පහසුකම් සැපයූ අන්තර්ජාතික මට්ටමේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් බවට පත් වුණි.
අභ්‍යවකාශගාමීන්ගේ සේවා වාර මාරු කිරීම ද මෙම ගමන් වාරවල ප්‍රධාන අරමුණක් විය. මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පහළ පෘථිවි කක්ෂයක දී 1986 සිට 1996 දක්වා අතර කාලයේ දී ගුවන්ගත කළ මොඩියුල එකලස් කොට ඉදිකරන ලදී.
අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සේවා කාලය 2001 මාර්තු 23 වන දින අවසන් කරනු ලැබූයේ පෘථිවි වායුගෝලය තුළින් එය වැටීමට සලස්වා දැමීමට ලක්කොට විනාශ කරනු ලැබීමෙනි. එය කොටස්වලට කැඩී දකුණු පැසිපික් සාගර කලාපයට පතිත විණි.
Comments
Post a Comment