Skip to main content

knowledge seeker

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

උල්කා වර්ෂාවන්හි රජ දැක්ම අද සහ හෙට [GEMINIDS METEOR SHOWER]

උල්කා වර්ෂාවන්හි රජ දැක්ම අද සහ හෙට


විවිධ වර්ණවලින් යුක්තව ඇදහැලෙන “ජෙමිනිඩ්“ උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) යන දෙදින තුළ රාත්‍රී අහසේ ලෝකවාසීන්ට නිරීක්ෂණය කළ හැකි වේ.

මෙය ඉතාමත් දර්ශනීය අයුරින් දැකගත හැකි වන බැවින් එය “උල්කා වර්ෂාවන්හි රජ දැක්ම“ ලෙසද හඳුන්වනු ලබයි.

උල්කා වර්ෂාවේ උපරිම අවස්ථාව අද රාත්‍රී 9ත් - 10ත් අතර දර්ශනය වන අතර ඊසාන දිග අහසේ මිථුන රාශිය දෙසින් මෙම උල්කා වර්ෂාව නිරීක්ෂණය කළ හැකිවනු ඇත.

එමෙන්ම අමාවක දිනයක් වන හෙට අලුයම 2.00ත් 4.30ත් අතර වයඹ දිග අහසේ මෙම “ජෙමිනිඩ්“ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බව කොළඹ විශ්වවිද්‍යාලය අභ්‍යාවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේය.

ජෙමිනි උල්කා වර්ෂාවේදී පැයකට කඩාවැටෙන උල්කාපාත සංඛ්‍යාව 150ක් පමණ වනු ඇත.

එනම් මිනිත්තුවකට උල්කාපාත එකක් හෝ දෙකක් කඩා වැටෙනු ඇති බවට පැවසෙයි.

තාරකා විද්‍යාඥයින් පවසන්නේ උල්කා වර්ෂාවන්හි රජ දැක්ම නැරඹීමට වඩාත් උචිතවන්නේ අලෝක දූෂණයෙන් තොර පැහැදිලි , අඳුරු අහස සහිත පරිසරයකදී බවය.

කෙසේවෙතත් ආලෝකයෙන් දූෂණය වී පවතින නාගරික ප්‍රදේශවලදී පවා යම් අයුරකින් උල්කා වර්ෂාව නැරඹීමට හැකිවනු ඇත.

Comments

Popular posts from this blog

How to install "SQLMAP" in your windows terminal

  Steps for the installation: Download the  python  from  https://www.python.org/downloads/  and install it after completion of the downloading. Download the  sqlmap  zip file from  https://sqlmap.org/  and extract the downloaded zip folder after completion of the downloading. Open the extracted zip file of the sqlmap and access the  command prompt  from the same path. Type  python ./sqlmap.py  in the command prompt and   press  enter . YOU'RE DONE.

ආලෝක වර්ෂය යනු කුමක්ද? [LIGHT YEAR]

                 ආලෝක වර්ෂය යනු තාරකා විද්‍යාත්මක දුරස්ථභාවය ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කරන දිග ඒකකයකි. එය කිලෝමීටර් ට්‍රිලියන 9.46 (කි.මී. 9.46 × 1012) හෝ සැතපුම් ට්‍රිලියන 5.88 (සැතපුම් 5.88 × 1012) ට සමාන වේ. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් අර්ථ දක්වා ඇති පරිදි (IAU), ආලෝක වර්ෂයක් යනු එක් ජූලියන් වර්ෂයක (දින 365.25) රික්තයේ ආලෝකය ගමන් කරන දුර ප්‍රමාණයයි. එයට "වර්ෂය" යන වචනය ඇතුළත් වන හෙයින්, ආලෝක වර්ෂය යන යෙදුම කාල ඒකකයක් ලෙස වැරදි ලෙස අර්ථ දැක්විය හැකිය. ආලෝක වර්ෂය බොහෝ විට භාවිතා කරනුයේ මන්දාකිණි පරිමාණයෙන් තාරකා සහ අනෙකුත් දුර ප්‍රමාණයන් ප්‍රකාශ කිරීමේදී, විශේෂයෙන් නොවන සන්දර්භවල සහ ජනප්‍රිය විද්‍යා ප්‍රකාශනවල ය. වෘත්තීය තාරකා විද්‍යාවේ බහුලව භාවිතා වන ඒකකය තාරකා විද්‍යාවෙන් උපුටා ගත් පාර්සෙක් (සංකේතය: පීසී, ආලෝක අවුරුදු 3.26 ක් පමණ) වේ: එය එක් තාරකා විද්‍යාත්මක ඒකකයක් චාපයේ තත්පරයක කෝණයකට යටත් වන දුර වේ.

aurora [ධ්‍රැවීය විදුලි පහන්]

aurora[ ධ්‍රැවීය විදුලි පහන්]  අරෝරා , සමහර විට ධ්‍රැවීය විදුලි පහන්, උතුරු විදුලි පහන්  හෝ දකුණු විදුලි පහන්  ලෙස හැඳින්වේ. ඉහළ අක්ෂාංශ කලාපවල  දක්නට ලැබේ. අරෝරා යනු සූර්ය සුළඟ නිසා ඇතිවන චුම්බක ගෝලයේ ඇතිවන කැළඹීම්වල ප්‍රතිපලයකි. මෙම කැළඹීම් සමහර විට සූර්ය සුළඟ හා චුම්බක ගෝලාකාර ප්ලාස්මා යන දෙකෙහිම ආරෝපිත අංශුවල ගමන් පථ වෙනස් කිරීමට තරම් ශක්තිමත් වේ. මෙම අංශු, ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන ඉහළ වායුගෝලයට (තාපගෝලයට / බාහිර ගෝලයට) වේගයෙන් ගමන් කරයි. එහි ප්‍රතිපලයක් ලෙස වායුගෝලීය සංගටක අයනීකරණය හා උද්දීපනය විවිධ වර්ණ හා සංකීර්ණ ආලෝකයන් විමෝචනය කරයි. ධ්‍රැවීය කලාප දෙකම වටා ඇති පටි තුළ සිදුවන ආරෝරා වල ස්වරූපය ද අවක්ෂේපිත අංශුවලට ලබා දෙන ත්වරණය ප්‍රමාණය මත රඳා පවතී. වර්ෂාපතනය වන ප්‍රෝටෝන සාමාන්‍යයෙන් වායුගෝලයෙන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් පසුව සිදුවීම් හයිඩ්‍රජන් පරමාණු ලෙස දෘශ්‍ය විමෝචනය කරයි. ප්‍රෝටෝන ආරෝරා සාමාන්‍යයෙන් පහළ අක්ෂාංශ වලදී නිරීක්ෂණය කෙරේ.