උල්කා වර්ෂාවන්හි රජ දැක්ම අද සහ හෙට
විවිධ වර්ණවලින් යුක්තව ඇදහැලෙන “ජෙමිනිඩ්“ උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) යන දෙදින තුළ රාත්‍රී අහසේ ලෝකවාසීන්ට නිරීක්ෂණය කළ හැකි වේ.
මෙය ඉතාමත් දර්ශනීය අයුරින් දැකගත හැකි වන බැවින් එය “උල්කා වර්ෂාවන්හි රජ දැක්ම“ ලෙසද හඳුන්වනු ලබයි.
උල්කා වර්ෂාවේ උපරිම අවස්ථාව අද රාත්‍රී 9ත් - 10ත් අතර දර්ශනය වන අතර ඊසාන දිග අහසේ මිථුන රාශිය දෙසින් මෙම උල්කා වර්ෂාව නිරීක්ෂණය කළ හැකිවනු ඇත.
එමෙන්ම අමාවක දිනයක් වන හෙට අලුයම 2.00ත් 4.30ත් අතර වයඹ දිග අහසේ මෙම “ජෙමිනිඩ්“ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බව කොළඹ විශ්වවිද්‍යාලය අභ්‍යාවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේය.
ජෙමිනි උල්කා වර්ෂාවේදී පැයකට කඩාවැටෙන උල්කාපාත සංඛ්‍යාව 150ක් පමණ වනු ඇත.
එනම් මිනිත්තුවකට උල්කාපාත එකක් හෝ දෙකක් කඩා වැටෙනු ඇති බවට පැවසෙයි.
තාරකා විද්‍යාඥයින් පවසන්නේ උල්කා වර්ෂාවන්හි රජ දැක්ම නැරඹීමට වඩාත් උචිතවන්නේ අලෝක දූෂණයෙන් තොර පැහැදිලි , අඳුරු අහස සහිත පරිසරයකදී බවය.
කෙසේවෙතත් ආලෝකයෙන් දූෂණය වී පවතින නාගරික ප්‍රදේශවලදී පවා යම් අයුරකින් උල්කා වර්ෂාව නැරඹීමට හැකිවනු ඇත.
Comments
Post a Comment